FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිලධාරීවරුන් අද (05) ලෙඩ නිවාඩු…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ගැටළු 17 ක් මුල් කර ගනිමින් ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගමය කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.
එම සංගමයේ ප්‍රධාන ලේකම් කමල් කිත්සිරි එහිදී සඳහන් කළේ තම වර්ජනයට සමගාමීව අද (05) පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවක් ද පවත්වන බවයි.