FAST NEWS

24×7 Around the Globe

මතුගම මාතෘ හා ළමා සායන ගොඩනැගිලි 02 ක් ඉදිකෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 17.5 ක් වැය කර මතුගම ඉදිකරන මාතෘ සහ ළමා සායන ගොඩනැගිල්ලට දෙකට  මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

එහිදී මතුගම යටදොලවත්ත මාතෘ සායන ගොඩනැගිල්ලට සහ ඉද්දගොඩ මාතෘ හා ළමා සායනට මුල්ගල තැබීම සිදුවූ විය.

ඉන්පසු ගැබිනි මව්වරුන් සදහා ආයුර්වේද ඖෂධ වට්ටෝරුවක් ද පිරිනමන ලදි.

මෙම ප්‍රදේශවල ගැබිනි මව්වරුන් ඉතා දුරබැහැර ගොස් සායන කටයුතුවලට සහභාගිවීමේ දුෂ්කරතාවය මඟහැරවීමේ අරමුණින් වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම සායන ගොඩනැගිලි 02 ඉදිකිරීමට නියමිතය.