FAST NEWS

24×7 Around the Globe

විසඳුම් ලැබුනොත් දුම්රිය වර්ජනය අත්හිටුවයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සේවකයින් පිරිසකට පත්වීම් දුන් බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් ,අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් රියැදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත අදාළ ගැටළුවට අද (05) මධ්‍යම රාත්‍රියට පෙර නිසි විසඳුමක් හිමි වුවහොත් වර්ජනය අවලංගු කරන බව හෙතෙම පැවසීය.
බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව මෙසේ දුම්රිය රියැදුරන් සේවයට බඳවා ගැනීම අභියාචනාධිකරණය මඟින් පවා ප්‍රතික්ෂේප කර තිබියදී එය නොතකා කටයුතු කිරීමට පියවර ගැනීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු දුම්රිය බලධාරීන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුවත් කළද එය නොතකා කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවද හෙතෙම පෙන්වා දෙයි.