FAST NEWS

24×7 Around the Globe

ඉම්රාන් තාහීර් සමුගනියි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) _-දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් (39) තමන් සිය එක්දින පිටියෙන් සමුගන්නා බව දැනුම් දුන් බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.
ඒ අනුව එංගලන්තයේ පැවැත්වෙන එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියෙන් අනතුරුව සිය සමු ගැනිම සිදු කරන බව සඳහන් කර තිබේ.
එක්දින ජාත්‍යන්තර තරඟ 95 කට සහභාගි වි ඇති ඔහු කඩුලු 156 ක් බිද දැමිමට සමත්ව සිටියි.
එසේම ඔහු 2020 දි ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමට අපෙක්ෂා කරන බවද හෙතෙම පවසා ඇති බව සඳහන් කර තිබේ.