FAST NEWS

24×7 Around the Globe

නෝවේජියා විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් දිවයිනට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය දෙදින නිළ සංචාරයක් සඳහා හෙට (05) දිවයිනට පැමිණීමට නියමීත බව ශ්‍රි ලංකාවේ නෝවේජියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කළේය.
ඇයගේ මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා,විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමීතය.
මීට අමතරව ඇය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිත බවත් සඳහන්.
නෝවේජියානු රජයේ අනුග්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැළසුම් කර ඇති බව එම නිවේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.