FAST NEWS

24×7 Around the Globe

අනුරපුර මහ රෝහලේ සොරකම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 03 ක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 02 වනදා අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇත.
රෝහල තුළ ආරක්ෂක කැමරා සවිකර නොතිබීම පරික්ෂණ කටයුතුවලට බාධාවක් බව අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
අදාළ සැකකරුවන් මුදල් තොගය සොරකම් කිරීමෙන් පසුව පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපිලේඛන තොගයකටද ගිනි තබා තිබුණි.