(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෑම අතින්ම විවිධ හැකියාවෙන් යුත් දක්ෂ මානව සම්පත් අපේ රටේ සිටින බවත් , දක්ෂයන්ගේ දැනුම රටේ සංවර්ධනයට යොදා ගැනීමට හැකි උපරීමයෙන් කටයුතු කළ යුතු යැයි වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (01) පැවැති අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන සමගාමීව ක්‍රියාත්මක උතුරු පළාත් වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා..
“දළ ජාතික නිෂ්පාදිතයෙන් සීයයට හතරක පමණ දායකත්වයක්දක්වන උතුරු පළාතේ රැකියා නොමැති විශාල පිරිසක් සිටිනවා. 2022 ඇ.ඩො. බිලියන 28ක අපනයන ආදායමක් උපයාගැනීමේ අරමුණින් දියත් කෙරෙන, අපනයනකරුවන් දෙදහසත්ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන උතුරු පළාතේ විරැකියාවට හොඳ විසඳුමක් වේවි. මේ වැඩසටහනට සමගාමීව වව්නියාව, මන්නාරම, යාපනය දිස්ත්‍රික්වල සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කෘෂිකර්මාන්ත කෙෂේත්රයේ නව ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදමින් තිබෙනවා”
මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, නියේජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්මේන්තු මන්ත්‍රීවරු වන සිවශක්ති ආනන්දන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම හනීෆා මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන් රාස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.