(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කළාපයේ වැඩ ආරම්භ කිරීම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (04) බිංගිරියේදී ආරම්භ වීමට නියමිතයි.
මෙම සංවර්ධන කළාපය අදියර 3 ක් යටතේ ක්රියාත්මක වන අතර පළමු පියවර ලෙස බිංගිරිය ජර්මන් වත්ත ප්රදේශයේ අක්කර 164 ක භූමි ප්රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
එමගින් සෘජු රැකියා 10000 ක්ද වක්ර රැකියා 3000 ක්ද ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ අතර වසර 15කට පසු මෙවැනි අපනයන සැකසුම් කළාපයක් ශ්රී ලංකාව තුල ඉදිවන පළමු අවස්ථාව මෙය වේ.








