FAST NEWS

24×7 Around the Globe

මේ මස 07 වනදා සිට ජනපති කොමිසමට පැමිණිලි බාර ගැනීම අවසන්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම මේ මස 07 වැනිදා අවසන් කෙරෙන බව එම කොමිසම සඳහන් කරයි.
රාජ්‍ය ආයතනවල පවතින දූෂණ සහ වංචා සෙවීම සඳහා මෙම කොමිසම පත්කරනු ලැබීය.
මේ වන විට එම කොමිෂන් සභාවට පැමිණිලි 295 ක් පමණ ලැබී තිබෙන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
2015 ජනාවාරි මස 15 වැනි දින සිටි 2018 දෙසැම්බර් මස 31 වැනිදින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.