FAST NEWS

24×7 Around the Globe

බ්ලුමැන්ඩල් සංඛ අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ඩී. සංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛ සහ තවත් ශ්‍රී ලාංකීකයෙක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වීසා නොමැතිව ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවත් පැවසේ.
කේරළ පොලීසියට ලැබුණ තොරතුරක් මත ඔවුන් රාමනාථපුරම් සිදුකළ මෙහෙයමුකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් පැවසේ.
පසුව කළ විමර්ශනවලදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇතතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.
සංඛ සමග අත්අඩංගුවට පත්වූ අනෙක් පුද්ගලයා එස්. මොහොමඩ් නැමැත්තෙකි.
සංඛ ව්‍යාජ ඉන්දීය ජාතික හැඳුනුම්පතක් සකසා ගෙන කුමාර් යන නමින් පෙනී සිට ඇති බවද එම වාර්තා වැඩි දුරටත් කියයි.