FAST NEWS

24×7 Around the Globe

උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ නියෝගයකට අනුව උතුරු පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.

මෙම නීති අනුගමනය නොකරන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිළධාරීන්ට උපදෙස් දී ඇත.