FAST NEWS

24×7 Around the Globe

2019 වසර සදහා වන අයවැය යෝජනා ලබන අගහරුවාදා පාර්ලිමේන්තුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මේ වසර සදහා වන අයවැය යෝජනා ලබන අගහරුවාදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අයවැය විවාදය ලබන බදාදා ආරම්භ කර 12 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අයවැය කාරක සභා විවාදය ලබන 13 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා පැවැත්වෙයි.
2019 වසර සදහා රජයේ වියදම රුපියල් කෝටි දෙලක්ෂ තිස්එක්දෙසියකි.
එම වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.