FAST NEWS

24×7 Around the Globe

අද (03) සවස් කාලයේ පළාත් කීපයකට වැසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) සවස් කාලයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.