FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර මහ රෝහලේ ලක්ෂ 64 කට ආසන්න මුදලක් ‌‌සොරා ගනී…

(ෆාස්ට් නිව්ස්|කොළඹ)- අද (03) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මුදල සොරකම් කර ඇත්තේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලුවී එහි සේප්පුවේ අගුල විවෘත කරමින්.
පසුව අදාළ සැකකරුවන් පිරිස පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපි ලේඛන තොගයකටද ගිනි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.
රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන සේවකයන් සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව හෙළිදරව් වී ඇත.