FAST NEWS

24×7 Around the Globe

ලාල්කාන්ත ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර….(update)

 

බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කේ. ඩී. ලාල්කාන්ත මහතා ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහුව අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝග කරනු ලැබීය.

……………………………………………………………………………………………………………………………………………………………..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර – නව පුත්තලම් මාර්ගයේ බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකට සම්බන්ධව අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 
ඔහු පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
යතුරුපැදිය පැදවූ කාන්තාව සහ එහි පසුපස ගමන් කළ ඇගේ ඥාති දියණිය අනතුරෙන් තුවාල ලැබූ අතර , ඔවුන් මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.