FAST NEWS

24×7 Around the Globe

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ හාරිස්පත්තුව ආසනයේ පරිපාලන ගොඩනැගිලි 02 ක් විවෘත කෙරේ.

(ෆාස්ට් නිව්ස්  | කොළඔ) – “ළඟම පාසල හොඳම පාසල” යන සංකල්පය යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ඉදිකර ඇති පාසල් පරිපාලන ගොඩනැගිලි 200ක් අද දින පාසල් පද්ධතියට එකතු කරන ලදී.
එම වැඩසටහන යටතේ හාරිස්පත්තුව ආසනයේ පාසල් පරිපාලන ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 48ක් වෙන් කර තිබුණි. මෙලෙස ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති එම ගොඩනැගිලි අද දින (01) තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය *එම්.එච්.ඒ අබ්දුල් හලීම්* මැතිතුමන් විසින් සිසු අයිතියට පත් කරන ලදී.
මෙලෙස අද දින *එම්.එච්.ඒ අබ්දුල් හලීම්* මැතිතුමන් විසින් සිසු අයිතියට පත් කර ඇත්තේ රුපියල් මිලියන 30ක වියදමින් පූජාපිටිය ජාතික පාසල සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 18ක වියදමින් දොළපිහිල්ල මධ්‍ය මහ විදුහල සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ලයි.
මෙම අවස්ථාව සඳහා ඉහත විදුහල්වල විදුහල්පති වරුන්, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් එම්.ඩබ්ලිව්.එම්.එම්. මඩහපොල මහත්මිය,කටුගස්තොට අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ඇතුළු නිලධාරින්, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකතුමන් වන රම්සාන් මැතිතුමා හා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකතුමන් වන ලලිත් රනරාජා මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , සිසු දරුවන් හා දෙමාපියන්ද සහභාගීවූහ.