FAST NEWS

24×7 Around the Globe

කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
ලාල්කාන්ත මහතා පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ කේ.ඩී.ලාල්කාන්ත මහතා බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බවයි.