ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 13 ලෙඩ නිවාඩු .

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 13 ලෙඩ නිවාඩු .

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සියලුම ගුරුවරුන් හා  විදුහල්පතිවරුන් ලබන 13 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ඊයේ (28) තම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සහ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් හයක් මුල් කරගනිමින් මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන් සිදුකළ මෙම විරෝධතාවට පොලීසිය එල්ල කළ ප්‍රහාරය නිසා  ගුරුවරුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.