FAST NEWS

24×7 Around the Globe

අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ නඩුවෙන් උඩුවේ හිමියන් නිදහස් වෙයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධීව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට එරෙහිව පවරා තිබූ නඩුවෙන් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විරත්න මහතා අද (01) නියෝග කළේය.
2015 වසරේ ජනවාරි මස 28 වනදා කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ ලියාපදිංචි නොකළ අලි පැටවකු තබාගෙන සිටීම තුලින් සත්ව හා වෘක්ෂලතා ආඥාපනත මෙන්ම පොදු දේපල පනතට ගැණෙන අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.