අමල් හා නදීමාල් ගැන ඩුබායි නිළධාරීන්ගේ මතය නීතීඥවරයා හෙළිකරයි..

අමල් හා නදීමාල් ගැන ඩුබායි නිළධාරීන්ගේ මතය නීතීඥවරයා හෙළිකරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුවන අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් එරට නීති බලධාරීන් වෙත සිදුකළ කරුණු දැක්වීම් සුබදායී මට්ටමක පවතින බව ඔවුන් වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට ඩුබායි රාජ්‍ය වෙත ගිය නීතීඥ උදුල් ප්‍රේමරත්න අද (01) යළි දිවයිනට පැමිණීමෙන් පසු සදහන් කළේය.
අමල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාව ලැබීමෙන් පසු ඩුබායි අධිකරණය අවසන් තීන්දුවක් ලබාදෙනු ඇති බවත් , ඩුබායි හි නීති ක්‍රමවේදයන්ට අනුව මෙවැනි තත්ත්වයකදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඩුබායි බලධාරීන් නිශ්චිත කාලරාමුවක් සහ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන බවත් උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳ රුධිර සාම්පල වාර්තාවක් ලබාගැනීමේදී එය ඔවුන් අදියර 03 ක් යටතේ සිදුකරන බව වාර්තා වෙයි.
අදාළ වාර්තා ලැබීමෙන් පසු අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ද ඔන්ලයින් ක්‍රමය හරහා බව නිතීඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.