FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ විශාලතම හෙරොයින් සමග ඇල්ලූ සැකකරුවන් 15 දක්වා රිමාන්ඩ්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් තුළ මෙරටින් හමුවූ විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව – වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ දීමනී බැද්දේවෙල අද (01) නිමය කරනු ලැබීය.
අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945 කට අධික විය.
මේ අතර පසුගියදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයින් තුන්දෙනා ඇතුලු සැකකරුවන් පස්දෙනා ද මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.