FAST NEWS

24×7 Around the Globe

ජනපති නියමයෙන් සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිතුමාගේ උපදෙස් මත පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බවත් , එම විමර්ශනයේ වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගනු ඇති බවත් ජයමාන්න මහතා වැඩිදුරටත් පැවසීය.