FAST NEWS

24×7 Around the Globe

පීලිපැනීමක් හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය ධාවනය තවත් ප්‍රමාද වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවහිර වී ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගතවන බැවින් දුම්රිය ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ – කොටුවෙන් මාතර දක්වා ධාවනය වන දුම්රිය පානදුර දුම්රිය ස්ථානය දක්වාත්, මාතරින් කොළඹ දක්වා පැමිණෙන දුම්රිය අලුත්ගම දක්වාත් සීමා කර ඇත.