FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධ කමීටුවෙන් උයන්ගොඩ ඇතුළු 04 ක් ඉවත් වෙති..

 

(ෆාස්ට් නිව්ස්| කොළඹ) – රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා බවට පත් කිරීම අරමුණු කරගනිමින් එම ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනයට පත් කර තිබු සත් පුද්ගල කමිටුවෙන් සමාජීකයින් සිව්දෙනෙක් ඉවත්ව තිබේ.

ඒ අනුව මහාචාර්ය ජයදේව උයන්ගොඩ,නීතීඥ සුදර්ශන ගුණවර්ධන / රංගන ශිල්පිණී කෞෂල්‍යා ප්‍රනාන්දු සහ අනෝමා රාජකරුණා මෙසේ එම කමීටුවෙන් ඉවත්ව තිබේ.

ජනමාධය විෂය අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ පැවති සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමීටුව පත් කෙරුණි.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස විජයානන්ද ජයවීර මහතා කටයතු කරන අතර ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ නාලක ගුණවර්ධන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වෙති.