FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කෝට්ටේ ජල සැපයුම අත්හිටුවයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා කැලණි ගඟේ ජලයට තෙල් මිශ්‍රවීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ මහ නගරසභා බල ප්‍රදේශය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරසභා බල ප්‍රදේශය, දෙහිවල-ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයට ජලය සැපයීම අත්හිටුවා තිබේ.

සෙසු ප්‍රදේශ වලට ජලය සැපයීම සීමා කර ඇති බවත්, ගඟේ ජලය යථා තත්ත්වයට පත්වූ වහාම ජල සැපයුම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුව පළකරන බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරයි.