FAST NEWS

24×7 Around the Globe

බස් වලට පනවා ඇති නීති රැසක් අක්‍රියයි – ගැමුණු පරණවිතාන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පොදු ප්‍රවාහන සේවා සිදුකරන බස් රථවල ප්‍රමිතිය ඉහළ නැංවීමට පනවනු ලැබූ නීති රැසක් මේ වන විට අක්‍රියව පවතින බව ලංකා බස් මගීන්ගේ සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන මහතා කියා සිටියි.
අදාළ නීති යළි බලාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ගමනාගමන කොමිසමේ අනුමැතිය ලත් ගීත පමණක් බස්රථවල වාදනය කළ යුතු බවට සැලසුම්කර ඇති ව්‍යාපෘතිය ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදීගැටලු මතුවිය හැකි බව පරණවිතාන මහතා අවධාරණය කළේය.