FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඇප මත නිදහස්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධව අක්මීමන පොලිසියට බාරවිමෙන් පසු අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අධිකරණයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ඇප පිට නිදහස් කර තිබේ.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට නියම කර ඇත.
+++++++++++++++++++++++++(update)
දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට..
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධව දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අක්මීමන පොලිසියට බාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.