FAST NEWS

24×7 Around the Globe

වළාකුලු පද්ධතියක් හේතුවෙන් මුහුදු සුළං ඉහළ යාමේ අවදානමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුලු පද්ධතිය හේතුවෙන් මාතර සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර දක්වා සුළං වේගය ඉහළ යන අතර මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.