FAST NEWS

24×7 Around the Globe

ඇමති හලීම්ගේ මූලිකත්වයෙන් උඩුනුවර හා යටිනුවර ගැටළු සාකච්ඡාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ අබ්දුල් හලීම් මහතාගේ උපදෙස් මත එම අමාත්‍යංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් , මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර හා යටිනුවර මැතිවරණ කොට්ඨාශවල ඇති මුස්ලිම් පල්ලි සහ දහම් පාසල් සම්බන්ධව ඇති ගැටළු පිළිබද සාකච්ඡාවක් මාර්තු 02 වනදා දවුලකල වහංකේ අර්ෆා මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වය අමාත්‍ය එම්.එච්.ඒ අබ්දුල් හලීම් මහතා විසින් හොබවන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම සාකච්ඡාව සදහා උඩුනුවර හා යටිනුවර මැතිවරණ බලප්‍රදේශයන්ට අයත් ප්‍රදේශවාසීන් හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වීමට නියමිත බවද එම අමාත්‍යංශය සදහන් කරයි.