FAST NEWS

24×7 Around the Globe

පුල්වාමා හා බලාකොට් ඉන්දියානු ප්‍රහාරය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

 

(ෆාස්ට් නිව්ස් | කොළම) – ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.

සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් අදාළ නිවේදනය මගින් ඉල්ලා තිබේ.