FAST NEWS

24×7 Around the Globe

බොලීවියානු කාන්තාවකට මෙරටදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) කොකේන් කිලෝ ග්‍රෑම් 2. 615 ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බොලීවියානු කාන්තාවකට මීගමුව මහාධිකරණය විසින් ඊයේ (26) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ අවුරුදු 50ක් වන අග්‍රීඩා ඇල්වාරාඩෝ නැමැති කාන්තාවකටය. ‍
2016/09/13 දින ශ්‍රී ලංකා රේගුව මගින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර විත්තිකාරිය අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය.