FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (27) රැස් වෙයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (27) පෙරවරු 11 ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එහිදී වැඩි අවධාණය යොමුවනු ඇති බව පැවසේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවද අද (27) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩි දුරටත් පැවසේ.