FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව මැයි 21..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට එරෙහි මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ලබන මැයි 21 වනදා ලබාදෙන බව එම පෙත්සම ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද (26) විභාගයට ගත් අවස්ථාවේදි ප්‍රකාශ කරනු ලැබීය.

කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල විසින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේයි.