FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහි නඩුව අප්‍රේල් 29 දක්වා කල් යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියෝග කළාය.
අදාළ නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩුවේ නියෝගයෙන් පසු ඒ ගැන පියවර ගැනීමට නඩුව කල් තැබීය.
ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල විය.