FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එන්.එන්.පී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධ නඩුව ලබන 07 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

ලංකා විදුලිබල පෞද්ගලික සමාගමට ඉඩමක් මිලට ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබියදී වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් චුදිතයන් තිදෙනාට දුෂණය චෝදනාව යටතේ චෝදනා ගොනු කර ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව මෙම අධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස ඉල්ලමින් විත්තිකරුවන් වෙනුවෙන් අභියාචනාධීකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (26) අධිකරණයට වාර්තා කරනු ලැබීය.