(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) පෙ.ව. 11.30 සිට හෙට (27) මධ්‍යාහන 12.00 වන තෙක් වලංගු වන පරිදි පළාත් පහක දිස්ත්‍රික්ක 11 ක් වෙත තද වැසි හා අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව රත්නපුර, කළුතර, නුවර-එළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැනකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
ගම්පහ, මහනුවර, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 පමණ තද වැසි අපේක්ෂා කරන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.









