FAST NEWS

24×7 Around the Globe

රත්ගම ව්‍යාපාරිකයන්ගේ මළසිරුරු ගෙනගිය කැබ් රථය අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගියදා රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතන කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෑන් රථයෙන් පැහැරගෙන ගොස් පසුව මෙම පුද්ගලයන් දෙදෙනා මියගිය පසු කැබ් රථයෙන් ගෙන ගොස් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බවත්, තරුණයන් දෙදෙනා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂකවරයා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් හිතවත්කමක් මත කැබ් රථය ඉල්ලා ගෙන තිබෙන බවත් තහවුරු වී ඇත.
එම කැබ් රථය පිළිබඳ රසපරීක්‍ෂක වාර්තාවක් කැඳවීමට ද නියමිතය.