FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරීක්ෂණ කොමිසම බරපතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය අරඹයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150 ක් පමණ වූ පැමිණිලි අතුරින් බරපතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවේ සේවක පිරිසක් රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකිරීම, මානව සම්පත් නියෝජ්‍ය කළමනාකාරවරයා සහ ප්‍රවාහන බෙදා හැරීම් අංශයේ ප්‍රධානියා දූෂිත අන්දමින් අයථා ලෙස අත්තිකාල මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම යන පැමිණිල්ල විමර්ශනය කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛවලට පටහැනිව ප්‍රජා මණ්ඩල සඳහා කොන්ත්‍රාත් ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශනය සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.