(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව ඊයේ (25 ) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
එම වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද භාර දීමට කටයුතු කරන බවද හෙතෙම කීය.
අදාළ ප‍්‍රකාශය පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා මීට ප‍්‍රථම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කමිටුවක්ද පත් කරනු ලැබීය.
ඒ අනුව කමිටුව හමුවේ පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ඔහු විසින් සිදුකළ ප‍්‍රකාශය පිළිබඳ එම කමිටුව හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නේය.








