FAST NEWS

24×7 Around the Globe

පශූ වෛද්‍යවරු වර්ජනයකට යති..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්ධන වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට තැත් කරන බවට චෝදනා කරමින් ,රජයේ පශූ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (26) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක නිරත වෙයි.
කටුනායක ගුවන් තොටුපලේ සත්ව නිරෝධායන කටයුතු හා දෙහිවල සත්ව උද්‍යානයේ සත්ව ප්‍රතිකාර කටයුතුද අද (26) දිනයේ සිදු නොකරන බව පශූ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා මාධ්‍ය වෙත පැවසීය.