FAST NEWS

24×7 Around the Globe

ස්ථානාධිපති අනතුරට ලක් කිරිමට අදාළව 08 දෙනෙක් අත්අඩංගුවට..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළව පුද්ගලයන් 08 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා, ව්‍යාපාරිකයෙන් වෙන ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයා මෙන්ම කොළඹ නාගාරික මන්ත්‍රී සුදම්මික ආටිගල ඇතුළු අට දෙනෙක් ඇතුළත් වෙයි.
 ඩිෆෙන්ඩර් රථයකින් හා ප්‍රාඩෝ රථයකින් මෙම පිරිස ගමන් කරමින් සිට ඇති අතර ඊයේ (24) අලුයම මෙම අනතුර සිදුව තිබේ.