FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුව කොළඹ කොටුවේ සිට හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා ගමන් ගන්නා බස් රථයක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණ මර්දන ඒකකය විසින් සැකකරු සන්තකයේ තිබී බණ්ඩල 40 ක සිගරට් තොගයක් සිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාතැන්න මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.