FAST NEWS

24×7 Around the Globe

OIC ගේ අනතුර සම්බන්ධයෙන් මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු 05ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඊයේ (24) පස්වරුවේ බොරැල්ල රථවාහන අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරුට ලක්කරමින් බම්බලපිටියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන්, මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බම්බලපිටිය ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තක් සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කොට මෙම ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබුණි.
පසුව අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාර්ඩ්න් හි අංක 727 දරණ නිවසෙහි  තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් විය.