අද (25) උතුරේ හර්තාල්..

අද (25) උතුරේ හර්තාල්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන්, ඊට විරෝධය පල කරමීන් අතුරුන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සංවිධානයෙන් අද (25) දිනයේ උතුරු පළාත පුරා හර්තාලයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ අනුව වව්නියාව , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ඔසවමින් සියලු වෙළඳසල් වසා දමා ඇති බව පැවසේ.
එසේම ඇතැම් දිස්ත්‍රික්කයන්හි දමිළ පාසල්හිද වසා දමා ඇති බවත්, උතුරු පළාතේ සිදු කෙරෙන බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත් පැවසේ.
පළාතෙන් පිට ප්‍රදේශවලට පමණක් බස් ධාවනය වීම හේතුවෙන් උතුරු පළාතේ ගමනාගමන කටයුතු සිදු කළ රජයේ සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයන්ට පත්ව ඇති බවත් සඳහන්
උතුරු පළාතේ අද දින රජයේ ආයතනයන්හීද රජයේ සේවකයින් බොහෝ පිරිසක් අඩුවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී ඇති බවද වාර්තා වෙයි.
යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන් විසින් මේ වන විට වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුවද මෙතෙක් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දිනයේදී උතුරු පළාතේ හර්තාලයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා උතුරේ වෙළඳ සංගම්,බස් සංගම් ඇතුළු විවිධ වෘත්තීය සමිති සහය ලබා දී තිබේ.