FAST NEWS

24×7 Around the Globe

කංජීපානිගේ ගෝලයෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් |ොළඹ) – මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු කොළොන්නාවේ සාලමුල්ල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (22) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්තාවේදි ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 480ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වු මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමති මොහු අද (23) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.