FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියැදුරු වර්ජනය අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) සේවා මුර ගැටළුවක් මුල් කර ගනිමින් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ඊයේ (21) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කර තිබු වර්ජනය ,බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු සමග අද (22) පෙරවරුවේ දුම්රිය මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදි ගැටළුවට විසදුම් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හැර දැමීමට ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් එකඟ වි තිබේ.