FAST NEWS

24×7 Around the Globe

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ මේ වනවිට අවසන් කර ඇතැයි එම ව්‍යාපෘති අධ්‍යක්‍ෂ දර්ශිකා ජයසේකර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

ජයිකා ණය ව්‍යාපෘතිය යටතේ ජපාන යෙන් බිලියන 35 දහස් 20 ක මුදලක් වැය කරමීන් සිදු කෙරෙන මෙම පාලමේ වැඩ කටයුතු වසර 2020 අවසන් වන විට සම්පුර්ණ කිරීම ඉලක්කය බවද ඇය පැවසුවාය.

නව කැළණි පාලමට කොළඹ කටුනායක අධීවේගී මාර්ගයට සම්බන්ධ කිරිමට නියමීතය.

ඊට අමතරම අලුතින්ම කුලුණුමත ඉදිවන ඔරුගොඩවත්ත, රාජගිරිය දක්වා සහ ඉගුරුකඩේ හන්දියේ සිට කොටුව දක්වා මාර්ගවලට එය සම්බන්ධ කෙරේ.

කැලණීය නව පාලම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු දැනට ඒ අවට පවතින වාහන තදබදයට විසදුම් ලැබෙන බවද ජයසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.