(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට මෙවර අයැදුම්පත් 76591ක් ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේය.
පසුගිය 07 වන දායින් අයැදුම්පත් භාර ගැනීම අවසන් වූ නමුත් අයැදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ලබන මස 07 වන දා දක්වා තමන් අයැදුම් කළ පාඨමාලාවල අනුපිළිවෙල පමණක් වෙනස් කිරීමේ හැකියාව පවතින බවද ඔහු පැවසුවේය.
ඒ සඳහා ඔන්ලයින් ක්‍රමයෙන් විශේෂ අයැදුම් පත්‍රයක් යොමු කළ යුතු බවත් හෙතෙම කීය.
අයැදුම් කළ අපේක්ෂකයින්ගෙන් 31654 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.








