(ෆාස්ට් නිව්ස් | කොළඹ) හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලය එම තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම මාර්තු මස 12 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කළේය.
ඒ එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී මෙම පෙත්සම ගොනුකළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි.
ඒ පිළිබඳව දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන මෙන්ද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.








