FAST NEWS

24×7 Around the Globe

කොළඹ විශ්වවිද්‍යාලයේ දමිළ භාෂා ඩිප්ලොමාව සඳහා අයදුම්පත් භාර ගැනේ..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) –  කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් පවත්වන ලබන දමිළ භාෂා ඩිප්ලොමාව සඳහා අයදුම්පත් කැඳවා ඇත.

පාඨමාලා 03 කින් සමන්විත මෙම ඩිප්ලොමාවේ මූලික පාඨමාලාවට පමණක් බඳවා ගැනිම සිදු කෙරේ.

ඉල්ලුම්කරු ඉල්ලුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 17 ට වැඩි විය යුතුය.

අයදුම්පත්‍ර භාරගන්නා අවසන දිනය 2019 පෙබරවාරි 22 දක්වා දීර්ඝ කර ඇත.

වැඩි විස්තර www.ihra.cmb.ac.lk යන නිල වෙබි අඩවියෙන් හෝ 011 250 3393 / 011 305 0490, 077 253 3040 යන දුරකථන අංක මගින් ලබාගත හැකිය.